මෙරට පුද්ගලයින්ගෙන් ලක්ෂ 75ක පමණ පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට පත් වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යායන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙනවා.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය එක්ව සිදුකළ නවතම අධ්‍යයනයකදී ඇතැම් පළාත්වල 88% ක පමණ පිරිසක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති බව යි ඔහු සඳහන් කරන්නේ.
2019 වර්ෂයට සාපේක්ෂව මේ වනවිට මෙරට ආහාර සුරක්ෂිතතාව පහත වැටී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

