ඕමානයෙන් මිලදී ගත් යූරියා පොහොර මෙට්‍රික්ටොන් 22,500 ක් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණ තිබෙනවා.
එම පොහොර ලබන සඳුදා සිට ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදා දීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේ අතර තවත් යූරියා මෙට්‍රික්ටොන් 11,250 ක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වීමට නියමිත බව යි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ.
එම පොහොර තොගයත් සමඟ මෙවර යල කන්නයට අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණය සම්පූර්ණ වනු ඇත.

