කොළඹ දිස්ත්‍රික්කයේ මදුරු ගහණය අසාමාන්‍ය ලෙස ඉහළට

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ම කොළඹ මහ නගරසභා සීමාව සහ ගොතටුව වැනි ප්‍රදේශවල මදුරු ගහණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

මදුරු ඝනත්වය ගණනය කරන ජාත්‍යන්තරව පිළිගත් Breteau Index අගය කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

සාමාන්‍යයෙන් එම අගය තිබිය යුත්තේ 5%ක අගයක වුවත් එය කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල එය 25%ක අගයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ජූනි මාසේ අග වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වැඩිවීමේ අවදානමක් පවතින බවයි ඔවුන් අනතරු අඟවන්නේ.