රිලවුන් ඉල්ලා චීනය කළ ඉල්ලීම තවමත් පවතී

ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ලබා ගැනීමට චීන සමාගමක් විසින් සිදු කල ඉල්ලීම තවමත් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පවසන්නේ ප්‍රදර්ශන කටයුතු සඳහා එම රිලවුන් ලක්ෂය චීනයේ සත්ත්ව උද්‍යාන වෙත අපනයනය කිරීමට මෙලෙස ඉල්ලීම් කර ඇති බවයි.

කමිටුවක් පත් කර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව අවසන් තීරණයක් ගන්නා ලෙස එම බලධාරීන්ට දන්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.