විදේශ රැකියා අපේක්ෂකයන්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේ දී සහනයක්

විදෙස් රැකියා අපේක්ෂකයින් සඳහා පොලිස් වාර්තා නිකුත් කිරීමේ දී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

විදේශ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින් සඳහා පොලිස් වතා නිකුත් කිරීමේ දී එහි සුළු වැරදි ද ඇතුලත් කිරීම නිසා ඔවුන්ට ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බවට ලද පැමිණිලි හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබෙනවා.

මේ වන විට මීට අදාළ නව යෝජනාවලියක් සකස් කරන ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.