ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම පද්ධතිය ක්‍රමයෙන් වයඹ දෙසට ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රියේ දී පමණ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ විට ඉඩ ඇති බව සඳහන් කරනවා.
එහි බලපෑමෙන් ඉදිරි පැය 24 තුළ උතුරු අක්ෂාංශ 7 – 15ත් සහ නැගෙනහිර දේශාංශ 62 සහ 68ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී 60 – 70ත් අතර විටින් පැ.කි.මි 75 – 80ත් දක්වා වැඩිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඉහත සඳහන් කළ මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට වහාම ගොඩබිමට හෝ වෙනත් ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

