යුක්රේනයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ කිරීමට හැකි වූ බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ දිනයේ දී යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ සපොර්ෂියා කලාපවල සිට යුක්රේන හමුදා එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරය ව්‍යර්ථ කරමින් රුසියාව ප්‍රතිප්‍රහාර එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා නිවේදනය කරනවා.
මේ අතර යුක්රේනයේ විදේශ අමාත්‍යවරයා පවසන්නේ දරුණු ප්‍රතිප්‍රහාරයක් සඳහා ප්‍රමාණවත් වූ ආයුධ දැනටමත් ඔවුන් සතුව ඇති බවයි.
කෙසේවෙතත් යුක්රේනය මාස ගණනාවක් තිස්සේ සැලසුම් කරමින් පවතින මහා පරිමාණ ප්‍රතිප්‍රහාරය මේ දක්වා ආරම්භ කලේ ද නැති ද යන්න පිළිබඳව යුක්රේනය විසින් මෙතෙක් කිසිදු තහවුරු කිරීමක් සිදු කර නොමැත.

