සෞදි අරාබිය ප්රමුඛ තෙල් නිෂ්පාදනය කරන රටවල් තෙල් සඳහා ඉහළ මිලක් ලබා ගැනීමේ අරමුණින් සිය තෙල් නිෂ්පාදනය අඩු කිරීමේ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව සෞදි අරාබිය ජූලි මාසයේ සිට දිනකට තෙල් බැරල් මිලියනයක කප්පාදුවක් කිරීමට සූදානම් වන බවයි වාර්තා වෙන්නේ.
එය වසර ගණනාවකින් සිදු වන විශාලතම කප්පාදුව ලෙසයි සැලකෙන්නේ.
මෙම තීරණයත් සමග ලෝක වෙළඳපොලේ WTI බොරතෙල් බැරලයක මිල 1.95% කින් වැඩි වී ඇති අතර එහි මිල ඩොලර් 73.09 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
එසේම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.88% කින් ඉහල ගොස් එහි මිල ඩොලර් 77.58 ක් ලෙස සටහන් වී තිබුනා.

