හෙට වන විට සියලුම ඉන්ධනහල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග

හෙට දිනය වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීම මේ වනවිට අඛණ්ඩව සිදුකරන බව යි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉන්ධන පිරවුම්හල් 121ක් මැයි 27 සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇනවුමක් සිදු කර නොමැති බවත් තවත් බොහෝ ඉන්ධනහල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නොමැති බවත් මූලික වාර්තාවලින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.