කටුනායක, මත්තල ඇතුළු මෙරට ගුවන් තොටුපොළ කළමනාකරණය කරන ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පසුගිය වසරේදී රුපියල් මිලියන 27,647ක සමස්ත ලාභයක් වාර්තාකර තිබෙනවා.
එමෙන්ම බදු ගෙවීමෙන් පසු එහි ලාභය රුපියල් මිලියන 4,803ක් බවයි සඳහන් වෙන්නේ.
2022 වසරේදී ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම රජයට රුපියල් මිලියන 1,983ක දායකත්වයක් ලබා දී ඇති බව සිය වාර්ෂික වාර්තාවෙන් ඔවුන් පේනවා දෙනවා.
එහි සභාපතිවරයා පවසන්නේ එම සමාගම රජයට අයත් ලාභ ලබන සමාගමක් වන බැවින් රජය විසින් ගෙන යන ප්රතිව්යුහගතකිරීම ඔවුන්ට නොබලපාන බවයි.

