නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් අද දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ද ඇති විය හැකි වෙනවා.
එසේම සබරගමුව පළාතේ මෙන්ම ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ද මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි වේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

