මාවා සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවා ඇතුලු ප්‍රදේශ කිහිපයකට එරට කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සුළි කුණාටුව මේ වන විට ඔකිනාවා හි ප්‍රධාන දූපත ආසන්නයට පැයට කිලෝමීටර 162 ක වේගයකින් පමණ පැමිණෙමින් පවතින බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මේ වනවිටත් ධාරානිපාත වර්ෂාවක් එම ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින අතර, ඔකිනාවා ප්‍රදේශය හරහා ගුවන් ගමන් ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

