අදත් ප්‍රදේශ කිහිපයකටම තද වැසි‍‍

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය අපේක්ෂා කළ හැක.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තද සුළං ද ඇති විය හැක.