කතරගම සුරාසැල් දින 16 කට වැසේ

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් දින 16ක් කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව ජුනි මස 19 වනදා සිට ජුලි මස 04 වනදා දක්වා ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් මෙලෙස සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එසේම පිටත සිට ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ උත්සවය වෙත පැමිණෙන බැතිමතුන්ට පිටතින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය රැගෙන ඒම ද සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.