අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය අයදුම් කිරීමේ ක්‍රමවේදයක්

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමංසිංහ මහතාගේ වැඩපිළිවෙළට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය අයදුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි පුද්ගලයෙකුට තම විදේශ ගමන් බලපත්‍රය දින 3ක් වැනි කෙටි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනිමට හැකියාව පවතින බවයි එහි පාලකවරයා සඳහන් කරන්නේ.

www.immigration.gov.lk යන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම් කළ හැකි අතර අනතුරුව ළඟම ප්‍රාදේශීය කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් පසු online ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් කටයුතු සිදු කළ හැක.