භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 160,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මැයි 31 වනදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 75,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 50,000ක බිල්පත් එහි දී වෙන්දේසි කෙරෙනු ඇති බවටයි සඳහන් කරන්නේ..