වෙළඳපොළ අවශ්‍යතාවය මත දෛනිකව බිත්තර මිලියනය බැගින් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරනවා.
දැනට ඉන්දියාවෙන් බිත්තර මිලියන 20 ක් ආනයනය කර ඇති අතර ඉන් මිලියන 10 ක් මේ වන විට වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.
ආනයනය කල ඉතිරි බිත්තර ද බිත්තරයක් රුපියල් 35 බැගින් බේකරි, බිස්කට් නිෂ්පාදන, කේටරින් සේවා සහ ආපනශාලාවලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

