වී වගාවේ නිරත ගොවීන්ට යල කන්නය වෙනුවෙන් අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා වූ වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ වෙනවා.
ඒ අනූව හෙක්ටෙයාරයක වී වගාවක් සඳහා රුපියල් 20,000ක සහනාධාර මුදලක් ගොවීන්ට හිමි වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම සහනාධාරය හිමි වීමට නියමිත ගොවීන් සංඛ්‍යාව, හයලක්ෂ පනස් දහසක් වන අතර ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 කි.

