බීමත් බස් රියදුරන් සොයා පොලිස් මෙහෙයුමක්

බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරනවාද යන්න පිළිබඳව සොයා බැලීම රාත්‍රියේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

ඒ වැල්ලම්පිටිය පොලීසිය විසිනි.

ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා සිදුකරන ලද එම විශේෂ සෝදිසි මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කළ රියදුරන් තිදෙනෙකු බස් රථ සමග පොලිස් භාරයට ගෙන ඇත. 

ඉදිරි දින කිහිපයේදී ද මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් කොළඹ නගරයේදී සිදු කරන බව පොලීසිය පැවසීය.