ලොව ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවෙන්

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති බව නාසා ආයතනය පවසනවා.

ඒ වසර ගණනාවක් මුළුල්ලේ සිදු කරන ලද ග්‍රේස් මෙහෙයුම හෙවත් ගුරුත්වාකර්ෂණය හා පෘථිවියේ දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් සිදුකරනු ලබන මෙහෙයුම් මාලාවේ ප්‍රතිඵලයක් වශයෙනි.

ලෝකයේ විවිධ ස්ථානවල පවතින ජල ඝනත්වයන් පිළිබඳව ලබාගත් චන්ද්‍රිකා දත්තයන් උපයෝගී කර ගෙන මෙම නිගමනයට ඔවුන් එළඹී තිබෙනවා.

ගුරුත්වාකර්ෂණයේ මෙම අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුගේ බර අඩුවෙන් දැනෙන අතර එම අඩුවීම ග්‍රෑම් 3ත් 6ත් අතර ප්‍රමාණයක් විය හැකි බවයි නාසා ආයතනය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරට අමතරව ඉන්දියන් සාගරයේ මාලදිවයිනට නැගෙනහිර කලාපයේ සහ උතුරු කැනඩාවේ හඩ්සන් කළපුව ආසන්නයේ ද ඉතා අඩු ගුරුත්වාකර්ෂණයක් දක්නට ලැබෙන බවත් බොලීවියාවේ හා උතුරු ඇන්ඩීන් කඳුකරයේ ගුරුත්වාකර්ෂණයේ ඉහළ අගයක් දක්නට ලැබෙන බවත් නාසා ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.