ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු ආනයනය කිරීම වෙනුවෙන්, ලංකා ත්‍රිපෝෂ සමාගම වෙත විශේෂ බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකක් සඳහා අයකළ රුපියල් 75 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25ක් දක්වා අඩුකිරීමට පියවර ගෙන තිබෙනවා.

