භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්

ආරක්ෂක අවදානම් මඟ හරවා ගැනීම සඳහා භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් ඉවත් කිරීමට තීරණය කර තමන් ඇති බව එහි හිමිකාරීත්වය දරණ Alphabet සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව වසර දෙකක කාලයක් පුරාවට අක්‍රීයව පවතින ගිණුම් මෙලෙස ඉවත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

එසේම ඉවත් වෙන ගූගල් ගිණුම යටතේ වූ Gmail, Google Drive and Docs, Google photos, Google calender සහ YouTube දත්ත ද මේ හරහා ඉවත් කෙරෙනු ලැබෙන බවයි ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

කෙසේවෙතත් මෙම ඉවත් කිරීම් අදාළ වන්නේ පුද්ගලික ගූගල් ගිණුම් සඳහා පමණක් වන අතර අදාළ ගිණුම් සඳහා දැනටමත් දැනුම් දීම ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.