ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඔහු මියයන විට 73 වන වියේ පසුවුණා.

ටෝනි හසන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා.

පවුලේ ඥාතීන් පැවසුවේ මාලිඟාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන බවයි.