දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් වැඩ වර්ජනයක

ආදායම් ඉලක්ක සපුරා තිබිය දී ත් දිරි දීමනා කප්පාදු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දේශීය ආදායම් සේවකයින් අද සංකේත වර්ජනයක නිරත වනවා.

මේ සඳහා විධායක ශ්‍රේණි නිළධාරීන් ඇතුළු අනෙකුත් සියලු ශ්‍රේණිවල නිළධාරීන් එක්ව සිටින බවයි දේශීය ආදායම් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් පුෂ්ප කුමාර මහතා පවසන්නේ.