අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ තවත් අදියරක් ලබන 19 වැනි දා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරනවා.
ඒ යටතේ ආර්ථික විද්‍යාව, කෘෂි විද්‍යාව, බෞද්ධ ශිෂ්ඨාචාරය ඇතුළු සිසුන් වැඩි පිරිසක් හදාරන විෂයන්වල පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ වනවිට උසස් පෙළ විභාගයේ විෂයන් 02 ක පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් කර ඇති අතර තවත් විෂයන් 06 පිළිතුරු පත්‍ර ඇගයීම මේ දිනවල සිදු කෙරෙන බවයි වාර්තා වෙන්නේ.
විද්‍යා විෂයන්ට අදාළ පිළිතුරු පත් ඇගයීම ද කඩිනමින් ආරම්භ කිරීමට සුදානම් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

