ආනයනය කළ ඖෂධ හා සෞඛ්‍ය උපකරණ රැසක් භාවිතයෙන් ඉවතට

පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ මෙන්ම සෞඛ්‍ය උපකරණ රැසකගේ ප්‍රමිතීන් පිලිබදව ගැටළු පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරනවා.

ඒ හදිසි හෘදයාබාධ හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල තත්ත්වයෙන් බාලවීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කිරීමත් සමඟ ය.

එසේම ඉන්දියාවෙන් ගෙන්වන ලද නිර්වින්දන කුප්පි ලක්ෂයක් ද භාවිතයෙන් කර තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කලේ.