ලෝකේ ගොඩක් රටවල මැයි මාසේ දෙවෙනි ඉරිදා දවස මව්වුවරුන්ගේ දිනය ලෙස සමරනු ලබනවා.
ඉතින් මේ වසරේ මවුවරුන්ගේ දිනය යෙදිලා තියෙන්නේ අද වගේ දවසක.
ලෝකයේ උතුම් ම පදවිය වෙන බුදු පදවිය ලබනන්නත් කෙනෙක් ට ඕනි අම්මා කෙනෙක් ගේ ආශිර්වාදය. ඒ වගේම මේ ලෝකයට අලුත් දේවල් ගොඩක් දායාද කළ බොහොමයක් අයට ඒ තැනට එන්න පුළුවන් වුනේ එයාලගේ අම්මා නිසා.
උදාහරණයක් විදිහට දැන් අපි භාවිතා කරන සුත්රිකා විදුලි බුබුල සොයා ගත්ත තෝමස් අල්වා එඩිසන් ගේ අම්මා එයාව ඉස්කෝලෙන් අයින් කළ වෙලාවේ කටයුතු කරපු විදිහෙන් තමයි පුංචි තෝමස් ගේ ජිවිතේ ම වෙනස් වුනේ.
බුදුරජානන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ මහා බ්රහ්මයා සතු ගුණාංග තියෙන දෙන්නෙක් කියලා අපේ දෙමවුපියෝ.
ඔබෙත් මගෙත් ජිවිත වල, අපි ඉපදෙන්නත් කලින් අනික් කාටත් වඩා අපිට ආදරේ කරපු, අපිව බලා ගත්තු, අපිව හොද මනුස්සයෙක් කරන්න මුළු හදවතින් ම උත්සාහ කරපු එකම ය තමයි අපේ දෙමවුපියෝ දෙන්නා. ඒ අතරිනුත් තමන් කැමති කෑමක් කන්නේ නැතිව, ගොඩක් අමාරුකම් මැද්දේ අපිව මාස නවයක් තමන්ගේ ඇඟේ තියා ගෙන, මුළු ජිවිත කාලෙම ඇහේ තියා ගෙන අපිව හදන්නේ අපේ අම්මා.
අම්මා කෙනෙක්ට මේ ලෝකේ තමන්ගේ දරුවා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ.
එත් අද ගොඩක් දරුවෝ ලොකු වෙනකොට එයාලගේ අම්මලා අප්පච්චිලව අමතක කරනවා. එක අම්මා කෙනෙක් ට තනියෙන් දරුවෝ දහයක් වුනත් බලා ගන්න පුළුවන් උනත් දරුවෝ දහයටම එකතු වෙලා එක අම්මා කෙනෙක් බලා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම අම්මා එක්ක ගත කරන කාලය තත්ත්පර ගානකටත් වඩා අඩුවට සීමා වෙලා තියෙනවා.
අපිට හිතෙන විදිහට අද මවුවරුන්ගේ දවසේ අම්මා කෙනෙක් ට දෙන්න තියෙන ලොකුම තෑග්ග තමයි එයා එක්ක කාලය ගත කරන එක, එයා ආස දේවල් එයා එක්ක කරන එක. හැම අම්මා කෙනෙක් ම ආසයි එයාලගේ පවුලේ අය එයා එක්ක ඉන්නවා දකින්න.
අද විතරක් නෙමෙයි පුළුවන් හැම වෙලේම අම්මා එක්ක ඉන්න. එයාට ආදරේ කරන්න.
ඉතින් ආදරණිය අම්මාවරුනි, ඔබට වෙන් වූ මේ දවසේ, අපි නිරෝගිමත් වගේම ප්රීතිමත් ජීවිතයකට ඔබට සුබ පැතුම් එක්කරනවා.
බුදු සරණයි!

