ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට ග්‍රාම නිලධාරිවරු ගෙයින්ගෙට

මෙවර ඡන්ද හිමි නාමලේඛනය සංශෝධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙන්නේ, යම් හෙයකින් ග්‍රාම නිලධාරීන්වරුන් නිවෙස් වෙත පැමිණෙන අවස්ථාවල දී මහජනතාව නිවෙස්වල නොසිටියහොත් එම තොරතුරු වහාම ග්‍රාම නිලධාරින්වරුන් වෙත ලැබීමට සලස්වන ලෙසට ය.

එසේම ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් ඒ සඳහා මෙවර ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට නම ඇතුළත් කිරීම වඩාත් වැදගත් වන බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.