ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ කොළඹ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව යම් පිරිසක් සංවිධානාත්මකව රජයට යම් බලපෑමක් එල්ල කිරීමට සූදානම් බවට ලද තොරතුරකට අනුව ය.
කොළඹ නිදහස් චතුරස්‍රය අවට, කොල්ලුපිටිය මංසන්ධිය අවට සහ අරලියගහ මන්දිරය අවට ප්‍රදේශ වලද ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.

