රුසියාව යුක්රේනයට කළු මුහුද හරහා ධාන්‍ය අපනයනයට යළි අවසර ලබා නොදුනහොත් ලොව පුරා ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.
ලබන මැයි 18 වනදායින් පසු කළු මුහුද හරහා යුක්රේනයට ධාන්‍ය අපනයනයට අවසර ලබාදී තිබූ ගිවිසුමේ කාලය අවසන් වීමට නියමිතය.
යුක්රේනය බඩඉරිඟු, තිරිඟු සහ බාර්ලි යන ධාන්‍ය වර්ගවල ප්‍රධාන අපනයනකරුවෙක් වශයෙන් ක්‍රියා කරන අතර පසුගිය වසරේ ලෝක ආහාර වැඩසටහනට අවශ්‍ය තිරිඟු වලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් සපයා ඇත්තේ යුක්රේනය මඟිනි.

