කොස්වාඩිය ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙක ගැටෙයි

හලාවත – කොළඹ මාර්ගයේ මහවැව, කොස්වාඩිය ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බව මාරවිල පොලීසිය කියයි.

ඊයේ(17) රාත්‍රී 11.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

ටිපර් රථයක්,කන්ටේනර් රථයක් සහ පුද්ගලික බස් රථක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

කොළඹ දෙස සිට හලාවත දෙසට අධික වේගයෙන් පැමිණ ඇති ටිපර් රථයක් අනුරාධපුරයේ සිට සීදුව ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවකට රෙදි පිළි තොගයක් රැගෙන යමින් සිටි කන්ටේනර් රථයක මුහුණට මුහුණ ගැටී ඇත.

ඒ සමඟම පැමිණ ඇති කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ පුද්ගලකි බස් රථයක් ටිපර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති නමුත් වාහනවලට හානි සිදුවී ඇත.

ටිපර් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරුට හේතුව බව පොලීසිය පවසයි.

මාරවිල පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.