බොලිවියාවේ පැවති සංගීත සැණකෙළියක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
එම සැණකෙළිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබීම විශේෂත්වයක්.
සංගීතයට ප්‍රිය කරන්නන් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය වන මේ අපූරු සැණකෙළිය පැවැත්වෙන්නේ බොලිවියාවේදී.
එරට ඔරුරෝ නම් පතල් නගරයේදී මෙය පැවැත් වෙයි.
සුපුරුදු ලෙස මෙවරත් සැණකෙළිය නැරඹීමට දෙස් විදෙස් විශාල පිරිසක් එක්ව සිටියේය.
මුහුදු මට්ටමේ සිට අඩි 12 171ක් උසින් පිහිටා ඇති ඔරුරෝ නගරයට ආභරණයක් බදු වූ මෙම සැණකෙළිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස පිළිගැනෙයි.
විචිත්‍රවත් වර්ණවත් ඇඳුම්වලින් සැරසුණු නර්තන ශිල්පීන් රැසකගේ සහභාගීත්වය මෙහිදී දැකගත හැකියි.
සාම්ප්‍රදායික සැණකෙළි නැටුම් 18 ක් සංගීතඥයින් 6000කට අධික පිරිසකගෙන් සමන්විත සංගීත කණ්ඩායම් 84ක් අතර බෙදී ගියේය.
සැණකෙළියට සමගාමීව පෙළපාළියට නර්තන ශිල්පින් 25 000කට අධික පිරිසක් සහභාගී විය.
මෙම සැණකෙළියට 17 වැනි සියවස දක්වා දිගු ඉතිහාසයක් පවතියි.
ප්‍රජාවන් 130 කට ආසන්න සංඛ්‍යාවක් මේ සැණකෙළියට සහභාගී වන අතර ඔරුරෝ නගරයට අධිපති දෙවගනට ගෞරව දැක්වීම වෙනුවෙන් තමන්ට ආවේණික වූ නර්තන අංගයක් සහ ඇඳුම් විලාසිතාවක් ඔවුන් සතුයි.
බොහෝ නර්තන අංග පුරාවෘත්ත හා බැඳී පවතින අතර ඇතැම් නර්තන අංගවලින් නගරයේ ප්රජාවන්ගේ විවිධත්වයට උපහාර දක්වයි.

