පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙන ලකුණු

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද සවස් කාලයේදී සුළි කුණාටුවක් දක්වාත්, ඉන්පසු හෙට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අද මධ්‍යහන 12.00 සිට හෙට මධ්‍යහන 12.00 තෙක් වලංගු වන පරිදි අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමිනි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදෑසන 08.30 වන විට 8.80N සහ 88.90E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවතුණි.