අපෙ රටේ ගොඩක්ම ජනප්‍රිය විශේෂයෙන්ම කොල්ලන්ට පිස්සු වැට්ටවීමට සමත් වුන ඉතාමත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල කියන්නේ.ඇය සමාජ මාධ්‍ය ඔස්සේද ගොඩක් ජනප්‍රියයි.
පසුගිය දවසක යුරේනි නොෂිකා සමඟ හැපි අවර් වැඩසටහන සමග එකතු වී මේ විදිහට ඇගේ ෆෑන් කෙනෙක්ගේ වැඩක් ගැන පවසා සිටියා.
“එක දවසක් මට fan කෙනෙක් හම්බවුණා.එයා මගේ නම අතේ tattoo කරලා ශෙහානි කියලා.එතකොට kahadawala කියන නම දිග වැඩි නිසා කේ කියලා එතනින් පස්සේ ලියලා. ඉතින් ලස්සන හුරුබුහුටි කොල්ලෙක් එයා.එයාට කතා කරලා නම් නැහැ. දැන අදුරගන්න කතා කරන්න ඕන.”
එවිට යුරේනි පවසා සිටියේ ලංකාවේ හැටි දන්න නිසා ඒ කොල්ලට අනිවාර්යෙන්ම ෂෙහානිගේ නම තියෙන කෙල්ලෙක්ම හොයාගන්න වෙයි කියලයි. එහෙම නැත්නම් අනාගතයේ දී ඔහු කසාද බඳින ගැහැණු ළමය ගෙන් ප්‍රශ්න වෙන්න පුළුවන් නිසා.

