වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට සිදු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

සෑම දුම්රිය මාර්ගයක්ම පාහේ ආවරණය වන පරිදි කාර්යාල දුම්රිය කිහිපයක් හෝ ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් දෛනිකව ධාවනය කෙරෙන අනෙකුත් දුම්රියන් රැසක් වර්ජනය හේතුවෙන් අවලංගු වී තිබෙනවා.