යුපුන් ට සුපිරි ජයක්

ඉතාලියේදී පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළලේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුනා.

ඒ සඳහා ඔහුට ගත වූ කාලය තත්පර 20.60 කි.

එම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් මාර්කෝ රිචී සහ ෆ්‍රැන්සිස්කෝ ලිබෙරා යන ඉතාලි ක්‍රීඩකයන් විසින් හිමි කර ගෙන ඇත.