විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්, විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කිරීමට නියමිතය.

එසේම එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට අදාළව විපක්ෂය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදි එකඟතාවකට පැමිණීමට නියමිතව බවයි වාර්තා වෙන්නේ.