ප්‍රදේශ රැසකට වැසි

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත්, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රකික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ක 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි අද නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිරටත් දැක්වෙන්නේ.