කටුනායකට ආ ගුවන් යානා 03ක් අධික වැසි හේතුවෙන් මත්තලට හරවා යවයි

කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානා 03ක් වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ. 

කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීයා සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපොළ අවට ඊයේ(04) රාත්‍රි හා අද උදෑසන පැවති අධික වැසි සහ අකුණු ගැසීම් හේතුවෙන් මෙම ගුවන් යානා මත්තලට හරවා යැවුණු බවයි.