2022(2023) වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියාත්මක කරමින් පැවති සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත් හිටවමිනි.
කෙසේ වෙතත් සිය ගැටලු විසඳා ගැනීම සඳහා අඛණ්ඩව අරගල සිදු කරන බවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත් තීරණය හේතුවෙන් මේ වනවිට එම කටයුතු මාස 02කට අධික කාලයක් ප්‍රමාද වී තිබෙනවා.

