හෙටින් ආරම්භ වන වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7,160 ක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
මෙම දන්සැල් පරීක්ෂා කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000 ක් ද සේවයේ යොදවා තිබෙනවා.
බැතිමතුන්ට අහිතකර ආහාර පාන ලබා දෙන දන්සැල් වන්නේ නම් ඒවා වහාම ඉවත් කිරීමට කටයුතු කරන බව යි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ.

