හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ, ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
දැනට දිගින් මීටර් 2287 ක් වන ධාවන පථය මීටර් 2800 ක් පමණ දිගු කිරීම, ගුවන් ධාවන පථයට පිවිසුම් මාර්ගයක් හා ගුවන්යානා අංගනයක් ඉදි කිරීම, ගුවන් නාවික මෙහෙයුම් පද්ධතියක් සැකසීම, ගුවන් පාලක කුළුණක් මෙන්ම මගී පර්යන්තයක් ඉදි කිරීම ආදී අත්‍යවශ්‍ය ඉදිකිරීම් කිහිපයක් මේ යටතේ සිදු කිරීමට නියමිත ය.

