අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී තුවාල ලබා එම රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තරුණයාට පිහියකින් ඇන ඝාතනය කර තිබුණේ ඉකුත් 28වනදායි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වන ජයරත්නගේ මධුසංඛ ජයරත්න නොහොත් මලා නැමති අන්වර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු හා ඔහුගේ බිරිද වන 23 හැවිරිදි කාන්තාවක්.
සිද්ධියට සම්බන්ධව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්රියාත්මකයි.

