හදා වඩා ගැනීමට අපහසු, මාස 3 ට අඩු දරුවන් ගෙනවිත් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටු වීමට අදාළ නීති සම්පාදනය කරමින් පවතින බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
දරුවන් විවිධ හිරිහැරයන්ට ලක්වීම, ඝාතනය වීම් හා මහමග දමා යාමේ සිද්ධි වැඩි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
එසේම මෙම කවුළු වෙත සිය දරුවන් භාර දෙන මව්පියන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග නොගන්නා බවයි ඔවුන් වැඩිදුරටත් ප්රකාශ කර සිටින්නේ.

