දෛනිකව බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි නවීන තාක්ෂණයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථානයක් ආයෝජනයක් ලෙස මෙරට ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසනවා.
මෙම නව පිරිපහදු මධ්‍යස්ථානය හරහා රටේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිත අතර ඒත් සමඟම ඉන්ධන පිරිවුම් හල් 150 ක් ද මෙරට තුළ විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරත් පවසන්නේ.
චීනය විසින් මෙම වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 120ත් 140ත් අතර මුදලක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

