උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට විශ්‍රාමික ගුරුවරුත් කැඳවයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා විශ්‍රාමික ගුරුවරුන්ගෙන් ද අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන් හට මාර්ග ගත ක්‍රමය ඔස්සේ මීට ඉල්ලුම් කළ හැකිය.

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළවයි විශ්‍රාමික ගුරුවරුන් කැඳවනු ලබන්නේ.

ලබන මැයි 02 දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු වේ.