නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවධානමක්

ශ්‍රී ලංකාවට කිලෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතු වී ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අවධාරණය කරනවා.

මේ හේතුවෙන් ලංකාව තුළ භූ කම්පන සිදු වීමේ ප්‍රවණතාවක් ද ඇති වී තිබෙනවා.

2023 වසරේ මේ දක්වා වූ මාස 4 ක පමණ කාලය තුළ මෙරට ආශ්‍රිතව භු චලන 09ක් වාර්තා වී ඇති අතර එසේ කෙටි කාලයක් තුළ භූ චලන රැසක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවටයි භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන්නේ.

සිදු වූ භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ සිදු විය.