අද සිට විශේෂ ඩෙංගු මර්දන සතියක්

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

ඒ රට පුරා වර්ෂාපතනය වැඩිවීම, උෂ්ණත්වය ඉහළ යෑම වැනි ඩෙංගු බෝවීමට හිතකර පාරිසරික තත්වයන් ඇති වීම හේතුවෙනි.

ඩෙංගු පැතිර යාමේ අවධානම අවම කිරීමට අද සිට මැයි මස 02 දක්වා පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ වැඩි ඩෙංගු අවදානමක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස කේන්ද්‍ර කොට ගනිමින් ඩෙංගු මඳුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීම, ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.