උත්සව සමය නිමිත්තෙන් ඉහළ නංවන ලද සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු නොවෙනස්ව පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා.
ඒ කෝටාව ඉහළ දැමීම හේතුවෙන් මාසික ඉන්ධන ඇණවුම් සැලැස්මේ වෙනසක් නීරීක්ෂණය නොවීම හේතුවෙනි.
මෙම ඉන්ධන කෝටාව ඉහළ දැමීම නිසා QR කේතය අවභාවිත කිරීම් වාර්තා වීම සැළකිය යුතු අන්දමින් පහළ ගොස් ඇති බවත් , QR කේතනයට පරිභාහිරව ඉන්ධන ලබාගත් පිරිස් අදාළ QR ක්‍රමවේදයට අනුගත වී ඇති බවත් නිරීක්ෂණය වන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.

