කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දින කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්දාන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, මොරන්තුඩුව, බෝම්බුවල, පිලමිනාවත්ත, දර්ගා නගරය, බෙන්තොට, අලුත්ගම, කළුවාමෝදර සහ බේරුවල යන ප්‍රදේශවලට අද උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 9 ක කාලයක් තුළ ජල සැපයුම අත් හිටවා ඇත.